අදින් ඇරඹුණු පුංචි ඡන්ද පෙත්සම් විභාගය

පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ සමහර වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලමින් රජය විසින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණු බව වාර්තා වෙනවා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත‍්‍රිපුද්ගල විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම පෙත්සම් විභාගය කෙරෙන අතර, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතීඥ නිසාම් කාරියප්පර් ඇතුලූ පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ, කල්දමා තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදුන් නාමයෝජනා පත‍්‍ර අවලංගුකර අලූතින් නාමයෝජනා භාරගැනීමේ අරමුණින් මෙම පණත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *