අධිකරණයට ගෙන ආ රාජපක්ෂ

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා.

පෙරේදා බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා අද 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මේ වන විට අධිකරණයට රැගෙන විත් තිබෙන අතර, මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටින බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *