අසරණ වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුව

දිවයින පුරා පවතින අධික වැසි හමුවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 73 න් 46 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව, එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොණරාගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, සහ වව්නියාව වැනි දිස්ත්‍රික්කයන්හි විවිධ ජලාශවල වාන් දමා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතර, මහනුවර, කුරුණෑගල, මොණරාගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, සහ වව්නියාව දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන ජලාශවල ද වාන් දමා ඇති බව සඳහන් වෙනවා.

එසේම, මධ්‍ය පරිමාණ ජලාශ 40 කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවත් වාර්තා වී තිබෙන අතර, මේ වන විට සතුව ඇති මුළු ජල ධාරිතාවයෙන් 92‍% ක් ගබඩා කරගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *