ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5 ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පැමිණිලිකරු වැලිසර ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීමට එම මධ්‍යස්ථානයේ සේවයේ නියුතු අදාළ නිලධාරීවරයා විසින් පැමිණිලිකරුගෙන් මෙම මුදල ඉල්ලා තිබෙන බව සඳහන් වෙනවා.
ඒ අනුව අදාළ නිලධාරියා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.