එකක් නිවෙන කොට තවත් එකක්

දැවැන්ත ලැව් ගිනි තර්ජනයකට මුහුණ පා සිටින ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේ මේ වන විටත් ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින අලුත් ලැව් ගින්නක් හේතුවෙන්, අක්කර 10,000 කට අධික භූමි භාගයක් විනාශ වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් නිවැසියන් දස දහස් ගණනක් සිය නිවෙස්වලින් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා. ිහියුස්’ යනුවෙන් නම් කර ඇති මෙම දරුණු ලැව් ගින්න ලොස් ඇන්ජලිස් නගරයට සැතපුම් 45 ක් වයඹ දිගින් ආරම්භ වී ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වෙනවා.

පවතින වියළි කාලගුණය හා දැඩි සුළං හේතුවෙන් ශීඝ්‍රයෙන් පැතිර යන මෙම ලැව් ගින්න පැතිරීම පාලනය කළ හැකි බවට ඇමරිකානු බලධාරීහු විශ්වාසය පළ කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *