කාලෙකට පස්සෙ මොකද කියන්නේ?

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහි සඳහන්ව ඇත්තේ මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ තමන් විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් තමන්ගෙන් පසු බලයට පත්වූ ආණ්ඩු ක්‍රියාත්මක නොකිරිම බවයි.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශවලින් එකතුවන ජලය පොළොන්නරු දිස්ත්‍රික්කයේ මිනිපේ ජලාශයට පමණක් ගලා යන බැවින් 2019 වසරේදී තමන් විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්ද ජලාශයෙන් ජලය කි.මි 15-20 පමණ ඇලමාර්ගයක් ඉදි කරමින් පැවති බවත්, 2019 වසරේ සිට 2024 වසර දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරීම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක නොකළ බවත් හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ සඳහන් වෙනවා.

විශේෂයෙන් ම 2019 වසරේ සිට 2024 වසර දක්වාම වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුණේ නම් පොළොන්නරුවට මෙවැනි ආපදා තත්ත්වයක් ඇති නොවන බව ඔහු පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් වර්තමාන රජය මේ සම්බන්ධව අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පළාතට ජලය ගෙන යන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් ඇති නොවන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මහ මුහුදට ගලා බහින බවත්, වයඹ පලාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ දියුණුව කිරීමට ඇති ජලය මොරගහකන්දෙන් අපතේ නොගොස් කඩිනමින් අනුරාධපුරයට හා වයඹට යන ඇලමාර්ග ඉදිරිකිරීමට කටයුතු කරන ලෙසත්, වර්තමාන රජයෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *