තත්වය පාලනය කරන්න විශේෂ කාර්ය බලකායත් ඇවිත්

අද පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.
මෙම ගැටුමෙන් රැඳවියන් 04 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ රැඳවියන් 4 දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසනවා. කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය මේ වනවිට කැඳවූ බව වාර්තා වෙනවා.