තවමත් අවසන් නැති ලැව්ගින්න

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 1,300 ක් පැරණි විහාරස්ථානයක් ද ගින්නෙන් විනාශ වී ඇත බව එම වාර්තා සඳහන් කරනවා.

දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර ඇති බව එරට බලධාරීන් පවසන අතර, ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර පුද්ගලයින් 27,000ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ ගිනිකොණදිග කලාප හයක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330 ක් ගිනිගෙන ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වෙනවා.

ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනිනිවන භටයින් 9,000කට ආසන්න සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් 130 කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *