තානාපති ධූරයට පත්වූ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික කාන්තාව

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය පසුගියදා දෝහාහිදී වැඩ භාරගත් බව වාර්තා වෙනවා. මෙතෝදිස්ත විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන ඇය, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව ලෙස හඳුන්වනවා.
මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27 ක සේවා අත්දැකීම් ඇති සිතාරා ඛාන්, 1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වී තිබෙනවා. විදේස රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර තිබෙන බව සඳහන් වෙනවා.