දෙදෙනෙකුට මරු කැඳවූ මාර්ග අනතුර

නෙළුව – පැලවත්ත මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ තේ දළු රැගෙන ගිය ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නෙළුව කළුබෝවිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 සහ 27 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
අදාළ ලොරි රථය නෙළුව දෙස සිට පැලවත්ත දෙසට ගමන්කර ඇති අතර, පැලවත්ත දෙස සිට නෙළුව දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය හතේ කණුව ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී ඇති බව පොලීසිය පවසනවා.
තුවාලකරුවන් මීගහතැන්න රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී දෙදෙනෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ලොරි රථය සහ ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන තිනියාවල පොලීසිය විසින් සිදුකරනු ලබයි.
