දරුවන්ගේ නිරෝගීකම අහිමි කරන පැන්සල්

මේ වන විට වෙළෙඳපොළේ පවතින බොහෝමයක් පැන්සල්වල දරුවන්ගේ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක් අන්තර්ගත බවට වෛද්‍යවරුන් අනාවරණ කරනවා. විශේෂයෙන් ම පාසල් දරුවන් භාවිත කරන විවිධ පැන්සල් වර්ග, විවිධ වර්ණ වලින් අද වෙළෙඳපොළේ දක්නට ලැබෙනවා.

කුඩා දරුවන් පැන්සල් මුඛයෙන් සැපීම නිසා දරුවන් දීර්ඝ කාලීන රෝග රැසකට ගොදුරු විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.

මෙම බොහෝමයක් ආනයනික පැන්සල්වල පවතින වර්ණගැන්වීම් හා ආකර්ශනීය බව නිසාම එවන් පැන්සල් මිලට ගැනීමට දරුවන් දක්වන්නේ දැඩි කැමැත්තක්. පැන්සලෙන් ලිවීමේදී, පැන්සල් උල් කිරීමේදී, එම පැන්සල් මුඛයෙන් සැපීම දරුවන් සිදුකරන්නේ ඔවුන්ටත් නොදැනීමයි.

පැන්සල්වල මෙම ආකර්ශනීය බව ලබාගැනීමට ඒවාට රසදිය, ආසනික්, කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ විශාල ප්‍රමාණයක් ආලේප කිරීම සිදුවෙන අතර, ඒ නිසා පැන්සල් සැපීමේදී දරුවන්ගේ සිරුරට ඇතුළුවන මෙම රසායනික ද්‍රව්‍ය දරුවන්ගේ සිරුරට කරන බලපෑම සුළු පටු නෑ.

පැන්සල් හා පාට පැන්සල් නිෂ්පාදනයට අන්තර්ජාතික ප්‍රමිතියක් ඇති අතර EN71 – 3 ප්‍රමිතියට සහතික කර ඇති පැන්සල් බැර ලෝහ වර්ග 19 කින් සිරුරට ආරක්ෂාව ලබාදෙනවා.

නමුත් වර්තමානයේ වෙළෙඳපොළේ පවතින බොහෝ පැන්සල් මෙම අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූල නොවන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *