දේශබන්දු තෙන්නකෝන්ගෙන් ඉල්ලීමක්

දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.

තමාට ජීවිත තර්ජන පවතින බැවින් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිසියට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටිනවා.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බවත්, පාතාලය මර්දනය කිරීමට යුක්තිය වැනි මෙහෙයුම් මගින් කටයුතු කිරීම නිසා මේ වනවිට පාතාලයෙන් තමාගේ ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ඉල්ලා තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *