දස්කම් පාන ශ‍්‍රී ලංකා මාස්ටර්ස්ලා

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන “ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්” තරගාවලියේ ඊයේ (28) පැවති තරගයෙන්ද විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

වදෝදරාහි BCA ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාව කඩුලු 3 කින් පරාජය කර තිබෙනවා.

මෙහිදී ඔස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 218 ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම, කඩුලු 7 ක් දැවී තරගයේ අවසන් පන්දුවාරයේදී (19’2) ලකුණු 222 ක් රැස්කර ජයග්‍රහණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය උපුල් තරංග අගනා ලකුණු 102 ක් රැස්කර තිබෙන අතර, ඒ පන්දු 54 කට හයේ පහර 6 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්වයි.

ඊට අමතරව ළහිරු තිරිමාන්නද ලකුණු 54 ක් ලබගෙන තිබෙනවා.

මෙම තරගාවලියේදී, ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ තෙවන තරගය මෙය වන අතර, ඊයේ ලැබූ මෙම ජයත් සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට තරග 2 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී සිටින අතර, ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම, බ.ඉ. කොදෙව් හා එංගලන්ත කණ්ඩායම් සමගින් ක්‍රීඩාකිරිමට නියමිතයි.

මූලික වටයේ තරග අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *