දිවා රාත‍්‍රී සිදුකරන වැටලීම් වලින් විසි දෙනෙකු අල්ලගෙන

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අද (23) දින කොළඹ දිස්ත්‍රික්කය තුළ, වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා.
එහිදී විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවමින් පිටකොටුව තොග වෙළෙඳුන් සහ ආනයනකරුවන් පරීක්ෂා කර තිබෙනවා.
ඒවගේම, බොරැල්ල, නුගේගොඩ, වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, මොරටුව, බත්තරමුල්ල, කොහුවල, බොරලැස්ගමුව, කොලොන්නාව, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක, ගොඩගම යන නගර ආශ්‍රිතව තොග සහ සිල්ලර වෙළදසැල් තුළ වැටලීම් ක්‍රියාත්මක වූ බව වාර්තා වෙනවා.
එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 20 කට වැඩි ප්‍රමාණයක් හසුකර ගන්නට සමත් වී ඇති අතර, සහල් සඟවාගන සිටි වෙළෙන්දෙකු සහ කල්ඉකුත් වූ සහල් ගබඩාකරගෙන සිටි වෙළෙඳසැලක් ද නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
මේ ආකාරයට වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අඛණ්ඩ වැටලීම් ක්‍රියාත්මක කරනවා. එහිදී නීතිය තදින්ම ක්‍රියාත්මක කර රාත්‍රී කාලයේදී ද විශේෂ විමර්ශන සිදුකරන බව සඳහන් වෙනවා.