දිවි සැරිය නිමා කළ කලාකරුවා

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා, මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා.
අනිල් භාරතී මහතා මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙකු වෙනවා.
අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයක් වන අතර, බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය රසිකයින් අතර ප්‍රසිද්ධියට පත් එවැනි ගීතයක් වෙනවා.