වැලි වලින් හම්බ කරලා තියෙන්නෙ මෙහෙමයි

වංචා සහගත වැලි කැණීමේ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සිටින බවට වාර්තා වී තිබෙන බව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, අද 21 පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින්.

“හලාවත වැලි සමාගමට අයිති පලෙයි කියන ප්‍රදේශයේ, දීපු ප්‍රමාණයට වඩා වැලි කැණීමක් සිදුවෙලා තියෙනවා. එමගින් විශාල වංචාවක් වුණ බවට වාර්තා වෙනවා. දැනට පරික්ෂණ මට්ටමේ සිදුවෙනවා. එම පරික්ෂණවලින් මූලිකව අපට වාර්තා වෙනවා. රුපියල් මිලියන 400කට ආසන්න මුදලක් දූෂිත ගණුදෙනුවක්, වංචාවක් සිදුවුණ බව එම වංචාවේ අවසාන වගඋත්තරකරුවා කවුරුන්ද කියන්න බැරි වුණත් ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වෙනවා. ඒ වගේම කොන්ත්‍රාත්කරුවෝ කිපදෙනක් සම්බන්ධයෙන් අපට වාර්තා වෙනවා.” 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *