නඩු තුනක් උරුම වුණු හිටපු ඇමති

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු තුනක් පවරා තිබෙන බව වාර්තා වෙනවා.
මෙම නඩු පවරා තිබෙන්නේ, ජනවාරි මස 8 වන දින කොළඹ මහාධිකරණයේ දී බව, නිවේදනයක් නිකුත් කරමින්, එම සභාව සඳහන් කර තිබෙනවා.
නඩු අංක HCB/353/20255 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබපැතුම් පත් 3,000 ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රු.128,520 ක මුදලක පාඩුවක්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට දූෂණය නම් වරද සිදුකිරීම නඩු අංක HCB/354/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු.360,000 ක මුදලක්, මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එකී මුදලක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම හා නඩු අංක HCB/3552025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුග 494,000ක මුදලක හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එකී මුදලක පාඩුවක් ආණ්ඩුවට සිදුකිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව අදාළ නඩු පවරා තිබෙන බව සඳහන් වෙනවා.