නම හරියට ලිව්ව නම් නඩුව කල් යන්නෙ නෑනේ

අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව, එළැඹෙන 03 වනදා දක්වා කල් දැමීට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළා.

මෝසමක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද අධිකරණයට ඉදිරිපත් වූ අතර, අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අනුරාධපුර පොලීසිය විසින් සැකකරුගේ නම යොදා ඇත්තේ ,අර්ජුනා ලෝචන්, ලෙසිනි. නමුත් ඔහුගේ නම රියදුරු බලපත්‍රයේ සඳහන් ව ඇත්තේ රාමනාදන් අර්චුනා ලෙසයි.

එබැවින් නිවැරදි සැකකරු සොයා අධිකරණයට වාර්තා කරන මෙන් අධිකරණය එම අවස්ථාවේදී නියෝග කළ බව මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ නීතිඥවරයා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *