නව පත්වීම ලබන 29 වෙනිදා සිට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව අණ දෙන නිලධාරී ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙම පත් කිරීම සිදුකර තිබෙන්නේ, එළැඹෙන ජනවාරි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදියි.
වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29 වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙන අතර, සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා වෙනවා.