පන්දු යැවීමේ උපක‍්‍රම 21 ක් සහිත මාලිංගගේ .𝐊𝐈𝐋𝐋𝐄𝐑.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් පොතක් එළි දක්වා තිබෙනවා. ඊයේ (20) පස්වරුවේ කොළඹදී එළිදක්වා ඇති එම පොත .𝐊𝐈𝐋𝐋𝐄𝐑. නම් වෙනවා.

එම පොතේ පන්දු යැවීම සම්බන්ධව කරුණු 21 ක් ඇතුළත්ව තිබෙන අතර, මෙම පොත එළිදැක්වීමේ අවස්ථාව සඳහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, චමින්ද වාස්, අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටි බව සඳහන් වෙනවා.

විශේෂයෙන් ම මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරීන්ද එක්ව තිබෙනවා.

ලසිත් මාලිංග විසින් රචිත කෘතිය, පළමුව පිළිගැන්වූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාටයි. ඒ සිය පියා අතිනි. පසුව එම කෘතිය පැමිණ සිටි අනෙක් ආරාධිතයන්ට පොත පිළිගන්වන ලදි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *