පලස්තීන ජනතාව විරෝධය දැක්වූ ට‍්‍රම්ප්ගේ කතාව

ගාසා තීරයේ වෙසෙන ජනතාව ඉන් ඉවත්කර ඊජිප්තුව හෝ ජෝර්දානය වෙත යවා, ගාසාහි ගැටලුව විසඳීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාවක් පලස්තීන වැසියන්ගේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පසුගිය සති අන්තයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ, ජනපති ට්‍රම්ප් පවසා තිබුණේ මෙම ජනතාව ඉවත්කර ගාසා තීරය පිරිසිදු කළ යුතු බවයි.
කෙසේ වෙතත්, මෙවන් ප්‍රකාශ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවට පලස්තීන බලධාරීන් ද පවසා තිබෙනවා. මෙවන් පසුබිමක පසුගියදා මුදාහැරුණු ප්‍රාණඇපකරුවන්ගේ ඥාතීන්, එම මෙහෙයුමට ලබාදුන් සහාය වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ස්තූතිය පළ කරනවා.
“ස්තූතියි ට්‍රම්ප් ජනාධිපතිතුමනි, ප්‍රාණඇපකරුවන් වෙනුවෙන් ඔබ කළ සෑම දේකටම. ලෝකයට සාමය උදාකරන්න යමෙකුට පුළුවන් නම් ඒ නිසැකවම ඔබට.” යනුවෙන් ප්‍රාණඇපකරුවන්ගේ ඥාතියෙක් පවසා තිබුණා.
මේ අතර හමාස් ප්‍රාණ ඇපයේ පසුවන තවත් හය දෙනෙක් මේ සතිය තුළ නිදහස් කරන බවට හමාස් සංවිධානය නිවේදනය කර තිබෙන බව වාර්තා වෙනවා. අදියර දෙකක් යටතේ මෙලෙස මුදාහරින ප්‍රාණඇපකරුවන් ලැයිස්තුවට මීට පෙර වටයේදී නිදහස් කෙරෙනු ඇති බවට අපේක්ෂා කෙරුණු කාන්තාවක් වන අර්බෙල් යෙහුද් ද අයත් වෙනවා.
මේ අතර, සටන් විරා මයෙන් පසුව උතුරු ගාසාහි නිවෙස් බලා ගමන් කරමින් සිටින පලස්තීන වැසියන්ට ඒ වෙත පිවිසීම අවහිර කර තිබුණු බව සඳහන් වෙනවා. ඒ වාඩි ගාසා සමීපයේ ඇති නෙට්සිරම් පිවිසුම අවහිර කරමිනි.
පසුව ප්‍රාණඇපකරුවන් මුදාහැරීම වෙනුවෙන් එම පිවිසුම විවෘත කිරීමට ඊශ්‍රායලය පසුව එකඟ වූ බව වාර්තා වෙනවා.
