පළමු තොගය දිවයිනට ලඟා වුණා

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485 ක පළමු ලුණු තොගය අද 27 දිවයිනට ලඟා වූ බව වාර්තා වෙනවා.

සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර 15 කට පමණ පසුව වීම විශේෂත්වයක් වෙනවා.

කෙසේ වෙතත්, පසුගිය කාලයේ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ලුණු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා.

එම නිසා මෙරට ලුණු පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැතිවූ අතර, ඒ හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතියක් ගෙන තිබුණා.

පෙබරවාරි 28 වැනි දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *