පළමු තොගය මේ මස අවසානයේ

රට තුළ ලුණු හිඟයක් වැලැක්වීමේ අරමුණින්, ඉන්දියාවෙන් පළමු ලුණු තොගය 27 වනදා දිවයිනට ආනයනය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

පළමු තොගය ලෙස ලුණු මෙට්‍රික් ටොන් 4500 ක්, එකවර ආනයනය කිරීමේ සැලැස්මක් තිබෙන බව රාජ්‍ය වාණිජ හා නීතිගත සංස්ථාව විසින් පවසනවා.

කාලගුණික තත්වය හේතුවෙන් රට තුළ ලුණු හිඟයක් ඇතිවීමේ අවදානම තවදුරටත් පවතින අතර, එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අයඩීකරණය නොකළ අමු ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, රාජ්‍ය වාණිජ හා නීතිගත සංස්ථාව විසින් පසුගිය කාලයේ, ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා තිබුණා.

ඒ අනුව, මේවන විට ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනෙකුට මෙම අවස්ථාව ලබා දී තිබෙනවා. ජනවාරි 31 වන දින වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,450ක් ආනයනය කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

කෙසේ වෙතත්, 27 වන දින වනවිට පළමු පාර්සලය ලෙස ලුණු මෙට්‍රික් ටොන් 4500 ක් පමණක් දිවයිනට ආනයනය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම අතර, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. වී මෝල් හිමියන් වැඩි මිලට වී මිලට ගනිමින්, පාලන මිල සහල් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එවැනි කටයුතු සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අඛණ්ඩව වැටලීම් සිදුකරන බව අසේල බණ්ඩාර මහතා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *