පාර්ලිමේන්තුවෙන් ලාබෙට කාලා බීලා ඉවරයි

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා මේ වන තෙක් දෛනිකව අය කළ මුදල, රුපියල් 2000 ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඒ බව සඳහන් කර සිටියා.

ඒ අනුව, පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාර වේලක් රුපියල් 600 ක් දක්වා ඉහළ දමා ඇති අතර, දිවා ආහාර වේලක් රුපියල් 1,200 ක් දක්වා ඉහළ දමා තිබෙන අතර, තේ එකක මිල රුපියල් 200 ක් ලෙස වෙනස් කර තිබෙනවා.

මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *