පාස්කු නඩුත් එක්ක ආයෙත් කරළියට එන ඒ දෙන්නා

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් අද (22) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවා.
පෙර නඩු වාරයකදී, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින්, සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්, විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ගේ විත්ති වාචිකව කැඳවීමට පියවර ගන්නා ලෙස ඉකුත්දා නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ අනුව, අදාළ නඩුව අද නාමල් බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඒ අනුව මෙම නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි විමසන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව මගින් දැනුම් දී ඇති බව විනිසුරුවරු විසින් විත්තිකරුවන්ට දැනුම් දී තිබෙනවා.
ඉන් අනතුරුව මෙම නඩුව ලබන 28 වනදා කැඳවීමටද නියෝග කර තිබෙනවා.