පොලීසියට වැඩ පෙන්නන්න ගිය මන්ත‍්‍රී අර්ච්චුනාට වෙච්ච දේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා.

එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත්, අධිකරණය අනුරාධපුර පොලීසියට නියොග කර ඇති බව සඳහන් වෙනවා.

අද උදෑසන අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව, අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *