පොලීසිය කාර් රථයක් හඹාගෙන ගිහින් වෙඩි තියලා

ඊයේ (23) රාත්‍රියේදී පොලීසිය විසින් කාර් රථයකට වෙඩිතබා තිබෙන බව වාර්තා වෙනවා. සිදුවීමට හේතුව ලෙස පොලීසිය සඳහන් කරන්නේ, එම කාර් රථය පොලිස් අණ නොතකා ධාවනය කළ බවයි.
ඒ අනුව ක‍්‍රියාත්මක වුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ කාර් රථය හඹාගොස් වෙඩිතැබීම සිදුකර තිබෙන බව සඳහන් වෙනවා. සිද්ධියෙන් එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන් වෙනවා.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී සිදු වී ඇති මෙම සිද්ධියෙන් අනතුරුව, අදාළ කාර් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.