බටහිර පර්යන්තයේ වැඩ ඉවරද?

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
ඒවගේම නුදුරේදීම, එම පර්යන්තයට බහාලුම් ප්‍රවාහන නෞකාවක් ළඟා වීමට නියමිත බවත්, වසරකට බහාලුම් මිලියන 2.7 කට බටහිර පර්යන්තය හරහා මෙහෙයුම් කළ හැකි බවත්, නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කරනවා.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ අදානි සමාගම විසින් බව සඳහන් වෙනවා.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන ජූලි මාසයේදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් වෙනවා. වරාය අධිකාරියේ අරමුදල් යොදා ගනිමින් ඉදි කළ එහි වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 3 ක් ලෙස සඳහන් වෙනවා.