බස් වෙනුවෙන් ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්යයි

දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.
දුරගමන් සේවා බස් රථ වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන එක් පියවරක් ලෙස මෙම තීරණයට එළෙඹි අතර, කිලෝමීටර් 100 ට වැඩි ගමන් වාරයක් හිමි සියලු බස් රථ එම වාර්තාව ලබාගත යුතු වෙනවා.
ඒ අනුව, එළඹෙන අගෝස්තු 01 වනදා සිට එම ඉංජිනේරු වාර්තාව ලබාගැනීම අනිවාර්ය බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරනවා.
මේ අතර, මගී බස් රථ සඳහා අගොස්තු 01 වනදා සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීම ද අනිවාර්ය කරන බවත්, අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරනවා.
ඒ වගේම, මගී බස් රථවල සවිකර ඇති අමතර උපාංග සම්බන්ධයෙන් ජුලි පළමුවනදා සිට නීත්‍යානුකූලව කටයුතු කරන බව, එම මාධ්‍ය හමුවට එක්වු රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කරනවා.