බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම්

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කරගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයෙන් සහාය ලබාදීමට අවස්ථාව ලැබුණු බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය පවසනවා.

මෙම වත්කම් නැවත අත්පත් කරගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය මග පෙන්වීමක් සිදුකරමින්, මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබාදීමට එකඟ වී තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය ඊයේ 24 ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවී මෙම කරුණු සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබාදීමට අවධානය යොමුවී ඇති බවද සඳහන් වෙනවා.

,ක්‍කැ්බ ීරස ඛ්බන්, වැඩපිළිවෙළට සහාය ලබාදීමට සහ රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ සහාය ලබාදීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

ඉක්මනින් උතුරේ සංවර්ධනය, ජාතික සමගිය සහ සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය දීමේ පිරිස් ක්‍රියාත්මක වන බවත් ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සඳහන් කළා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *