මන්ත‍්‍රී අර්ච්චුනා උදෙන්ම දාගත්ත ලෙඩේ

අද (21) උදැසන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පොලිස් නිලධාරීන් පිරිසක් සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ, අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමගයි.

මෙම ආරවුලට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ, මන්ත්‍රීවරයාගේ රථයෙහි VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය නැවැත්වීමයි.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙන අතර, එහිදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ඉල්ලා තිබෙනවා. කෙසේ හෝ, එම ලියකියවිලි ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා කලහාකාරීව හැසිරී ඇති බව සඳහන් වෙනවා.

මෙම සිදුවීම වී තිබෙන්නේ, ඔහු අද (21) උදෑසන පාර්ලිමේන්තු බලා එන අවස්ථාවේදීයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *