මම තව වැඩි කාලයක් ඉන්නේ නෑ

තමා මේ දේශපාලනයේ වැඩි කාලයක් රැඳී සිටීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පවසනවා.
ඊයේ (29) පස්වරුවේ, විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්, අර්ච්චුනා මහතාව අත්අඩංගුවට ගත් අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරි බව වාර්තා වුණා.
තමා වෛද්‍යවරයෙකු බවත් අතීතයේ සිටම තමන් දේශපාලනයට ඇලුම් නොකර බවත්, අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන් ම ජනතාව වෙනුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුවත් තමා අකමැතිම ක්ෂේත‍්‍රය, දේශපාලන ක්ෂේත‍්‍රය බව ද ඔහු පවසනවා.