මුලින් නොකැඩුවොත් පුංචි පාතාලයක ආරම්භයක් විය හැකියි

දින කිහිපයක් තිස්සේ ,පාසල් සිසුන් විවිධ කාණ්ඩවලට බෙදී හොරණ නගරයේදී ඇතිකරගෙන තිබෙන ආරවුලක් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙන සිදුවීමක් වාර්තා වෙනවා.
නිල ඇඳුමින් පාසල නිමවී නගරය පැමිණෙන සිසුන්, නගරය තුළදී පාට ඇඳුමින් සැරසී සෙසු සිසුන් අතරට පැමිණ පහර දෙන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (22) ඇති වූ ගැටුමක් අතරතුරදී වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර, ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා.
ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය අද (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත පැමිණ සිසුන් අතර ඇතිව තිබූ එම තත්වය පාලනය කර තිබෙන බව වාර්තා වෙනවා.