මේ රජයෙන් කිසිම බලපෑමක් වෙන්නෙ නෑ

වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට වත්මන් රජය විසින් කිසිඳු බලපෑමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒවගේම, ඇතැම් නීති නිලධාරීන් බලපෑම් නොකරන ආණ්ඩුවක් බලයට පත්වන තෙක් නඩුගොඩු සඟවාගෙන සිට ඇති බව හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

එවැනි නිලධාරීන්ට නිදහසේ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

“සමහර කට්ටිය කියනවා ගන්නවා ඇප දෙනවා කියලා. ඒක තමයි නීතිය. පරික්ෂණ කරන කෙනාට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්, පරික්ෂණ ඉදිරියට ගෙනියන්න ඒයාට අච්චුකරන්න පුළුවන් නඩුවක් දැම්මොත්. පරික්ෂණවලදී කට්ටිය හිරේ දාන්න බැහැ ඒක රිමාන්ඩ්. සමහර පරික්ෂණවලදී ඇප දුන්නා කියලා කවුරුත් කලබලවෙන්න ඕනේ නෑ ඒක නීතිය. අපි උපදෙස් දීලා තියෙන්නේ පරික්ෂණ කරන්න බිඳින්න බැරි විදිහට ශාක්ෂි එකතුකරලා මහධිකරණයේ නඩුව දාන්න නඩුව ඉක්මනින් විභාග කරන්න, අච්චු කරන්න. අපේ ප්‍රයත්නය මහධිකරණයෙන් නඩු දාන එක. නීතිපති දෙපාර්තමේත්ව පසුගියදා ප්‍රකාශයට පත්කකරලා තිබුණා ප්‍රධාන නඩු කටයුතු 11ක් හොයාගෙන තියෙනවා. ඉන් තුනකට මේ ජනවාරි මාසයේ නඩු දාන්න පුළුවන් කියලා. එක නීති නිලධාරිනියක් මට කිව්වා සමහර ෆයිල් හංගගෙන හිටියා කියලා. ඒ අය කිව්වේ ඒ ෆයිල් එකට ඒ වෙලාවේ නඩුව දාන්න ගියානම් එක්කකෝ එයා ගෙදර, එක්කෝ නඩුව එළියට කිව්වා. ඒ නිසා මේ වගේ ආණ්ඩුවක් එනකම් මේ ෆයිල් එක තියාගෙන හිටියා කියලා කිව්වා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙමයි වැඩකරන්න ඕනේ. අපි ස්තූතිවන්න වෙනවා. අපි හිතුවොත් මේ අපි විතරයි හරි අනිත් ඕක්කොම නැහැ. එහෙම නෑ එහෙම උනන්දුව තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඉතින් අපි ඒ අයට නිදහස දීලා තියෙනවා. අපි නඩු තෝරන්නේ නැහැ, නම් තෝරන්නේ නේ නැහැ, පුද්ගලයෝ තොරන්නේත් නැහැ. අපි කියලා තියෙන්නේ අදාළ අයතනවලට නිසිපරිදි පරික්ෂණ කරන්න. අපිට විශ්වාසයක් තියෙනවා අපි නැවත නැවත කරන්නේ ඒ ආයතන ශක්තිමත් කරන එක.”   

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *