මේ සමාලෝචනය ජනතාවට වැඩි සහන ලබාදීමටයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. ඒ ජනතාවට වැඩි සහන ලබාදීම සඳහායි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුව අමතමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම දැනටමත් යම් ප්‍රමාණයකට සමාලෝචනය කර ඇති අතර, ඇතැම් බදු සහන ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මේ සඳහා උපයන විට ගෙවන බද්ද රුපියල් 150,000 දක්වා වැඩි කිරීම, කිරි ආහාර සඳහා වැට් බද්ද නිදහස් කිරීම සහ පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍යතා ඇති සියලුම දරුවන්ට රුපියල් 6,000ක් ගෙවීම ද ඇතුළත් බව ඔහු සඳහන් කරනවා.

මෙම සහනය අස්වැසුම නොලබන පවුල් වල දරුවන්ට ද විවෘත වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *