යෝෂිතගේ ඡායාරූපයේ ඇත්ත කතාව

මේ වන විට සාමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාගේ ගෙන ඇති ඡායාරූපය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී හෝ පොලිස් නිලධාරියෙකු විසින් ගත් ඡායාරූපයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.
එම ඡායාරූප ගෙන ඇත්තේ බෙලිඅත්ත අධිවේගී මුරපොළේ ඔහුව රඳවාගෙන සිටි අවස්ථාවේ දී බවත්, එය රැගෙන ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතාගේ යහළුවෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විසින් බවත් අද :26* පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ඒ මහතා පවසා තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකුටම අත්විලංගු දැමීම අත්‍යවශ්‍ය නොවන බවත්, සැකකරුගේ හැසීරීම මත එම අවස්ථාවේ රජකාරියේ නියුතු පොලිස් නිලධාරියා විසින් සැකකරුට අත්විලංගු දමනවාද නැද්ද යන්න යන්න පිළිබඳව තීරණය කරන බවයත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කරමින් පවසා සිටිනවා.
ඒ අනුව, අදාළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් නිවැරදී නෛතික පියවර ගෙන තිබූ බවත්, ඒ සඳහා කිසිඳු ආකාරයක දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් සිදු නොවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.