රුසියාවේ තත්වය ගොඩක් බරපතලද?

යුක්‍රේනය විසින් මොස්කව් නුවර පිහිටි රුසියානු තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මොස්කව් හි ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ පිරිපහදුව සහ පොම්පාගාරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව එම වාර්තා සඳහන් කරනවා.
එමෙන්ම, රියාසාන් සහ මොස්කව් ඇතුළු කලාප 13 ක් ඉලක්ක කරගත් ඩ්‍රෝන යානා 121 ක් වෙඩි තබා බිම හෙළීමට සමත්වූ බවට රුසියාව පවසනවා. මෙම තත්ත්වය හේතුවෙන් මොස්කව් ගුවන්තොටුපළ දෙකක මෙහෙයුම් ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර, රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් යුක්‍රේනයේ කියෙව් කලාපයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලැබූ බවද යුක්‍රේනය සඳහන් කරනවා.