ලංකාවේ උසම ගමේ හදපු The Eagle’s Viewpoint එක

නුවරඑළියල ශාන්තිපුර ඊගල්ස් නැරඹුම් ස්ථානය (The Eagle’s Viewpoint) සංචාරකයින් සඳහා විවෘත කළ බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් ලෙස පරිණාම වන ,ඊගල්ස් නැරඹුම් ස්ථානය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ශාන්තිපුර ගම්මානයේ විවෘත කෙරුණිග මෙම නැරඹුම් ස්ථානය, මුහුදු මට්ටමේ සිට අඩි 6182 පමණ උසින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර ගම්මානය කේන්ද්‍ර කරගෙන ඉදිකර තිබෙන බව සඳහන් වෙනවා.

සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින් දේශීය ආර්ථිකයේ යහපැවැත්ම උදෙසා ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයින්ගේ ප්‍රධාන සහ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්කරලීම මූලික අරමුණු කරගනිමින් 2024 ජූලි මස 31 වන දින ඉදිකිරීම් ආරම්භ කරනු ලැබු මෙම ිඊගල්ස් නැරඹුම් ස්ථානයේ ඉදිකිරිම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ඉංජිනේරු සහය සැලසුම් කිරිම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා දෙන අතර, මේ සඳහා මුල්‍ය දායකත්වය සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සපයනු ලැබුවා.

අද දින විවෘත කරනු ලැබු .ඊගල්ස් නැරඹුම් ස්ථානයේ (The Eagle’s Viewpoint) සිට සංචාරකයින්හට නුවරඑළිය නගරය, පේදුරු තැන්න, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරි වැව, කිකිළියාමාන්න කදුපංතිය, ශ්‍රීපාදය, සප්තකන්‍යා කදුවැටිය සමගින් ඌව පළාතේ සොබාදහමේ සුන්දරත්වය නැරඹීමේ හැකියාව පවතින බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *