ලොව උසම දුම්රිය පාලමේ පළමු ගමන

ඉන්දියාවේ ඉදිකෙරුණු ලොව උසින් වැඩිම දුම්රිය පාලම වන චේනාබ් පාලම මතින් පළමුවරට සාර්ථකව දුම්රියක් ධාවනය කිරීමට අද (26) ඉන්දියාව සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාලමට ගැළපෙන ලෙස විශේෂයෙන් නිර්මාණය කළ වන්දේ භාරත් දුම්රියක් මෙම පාලම මතින් ධාවනය කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබුණා.
වන්දේ භාරත් දුම්රියන් යනු ඉන්දීය ඉංජිනේරුවන්ගේ තාක්ෂණය පමණක් උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද අධිවේගී දුම්රිය විශේෂයක් වන අතර, චෙනාබ් පාලම මතින් අද පිටත් වූ මෙම දුම්රිය අත්හදා බැලීමේ චාරිකාව, ශ්‍රී මාතා වයිෂ්නෝ දේවි දුම්රිය ස්ථානයේ සිට ශ්‍රී නගර් දුම්රිය ස්ථානය දක්වා ගමන් කර තිබෙන බව සඳහන් වෙනවා.
ඉන්දියාවේ පළමු කේබල් ආධාරක දුම්රිය පාලම වන මෙම චේනාබ් පාලම ජම්මු හා කාෂ්මීර නිම්න එකිනෙක යා කරමින් ඉදිකර තිබෙන්නකි.