ලෝක බැංකු නියෝජිතයින් හමුවූ අගමැතිනි හරිනි

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු වූ බව වාර්තා වෙනවා.
මෙහිදී අවධානය යොමු වූ ප‍්‍රධාන කරුණු නම්, අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණදීමේ සහ රට තුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරනවා.
ඒ වගේම, මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව තුළ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳවත්, සිසුන් සඳහා විවිධ වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම සඳහා පාසැල් අධ්‍යාපනය සමඟ වෘත්තීය අධ්‍යාපනය ඉගැන්වීමේ වැදගත්කම මෙහිදී අවධානයක් යොමු වූ බව සඳහන් වෙනවා.
විශේෂයෙන් ම ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් සහභාගී කරගැනීම වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව, අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කලාපීය සංවර්ධනය ඉහළ නංවන තිරසාර විසඳුම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුවේ අන්‍යෝන්‍ය කැපවීම මෙම සාකච්ඡාවේදී තහවුරු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.