විදේශිකයෙකු රැගෙන ගිය ත‍්‍රීරෝද රථය

කොළඹ සිට නුවරඑලිය දක්වා ගමන්ගත් ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් එම රථයේ ගමන්ගත් විදේශිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති තිබෙන බව වාර්තා වෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ස්ලොවැකියානු ජාතිකයන් දෙදෙනෙකු බව වටවල පොලීසිය සඳහන් කරනවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේදී අද 26 පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, කුලී පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි විදේශිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ත්‍රිරෝද රථය ධාවනය කර ඇති බව සඳහන් වෙනවා.

අධික වේගයෙන් ධාවනය කර ඇති එම රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරළී මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේ නමුත් තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවුණත්, ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව වටවල පොලීසිය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *