ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කරනවද? නැද්ද?

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් වල ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484 ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව අදානි සමූහය පවසනවා. ඒ වගේම, එම වාර්තා අසත්‍ය හා නොමග යවනසුළු ඒවා බව මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයෙකු පවසනවා.

2025 ජනවාරි 2 වන දින ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙනවා.

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 1 ක ආයෝජනයක් වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කරනු ලබන බව, මෙම ව්‍යාපෘති අවංලගු කර නොමැති බවට අවධාරණය කරනු ලබන අදානි සමූහය පවසනවා.

විශේෂයෙන් ම අද (24) දිනයේ දෙස් විදෙස් මාධ්‍ය ගණනාවක්ම, ශ්‍රී ලංකාවේ මෙම අදානි ව්‍යාපෘති අවලංගු කර ඇති බවට වාර්තා පළ කර තිබු බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *