සෘජු ගුවන් සේවා ආරම්භ කිරිමට නියමිතයි

ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර, දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඉන්ඩිගෝ ගුවන් සේවය නිවේදනය කරන පරිද,ි එය මාර්තු මස 30 වන දින සිට ආරම්භ කිරීමට සූදානම්.

යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව ඉන්ඩිගෝ ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් ප්‍රධානී විනෙයි මල්හෝත්‍රා ප්‍රකාශ කර තිබෙනවා.

ව්‍යාපාරික හා ආගමික සංචාර සඳහා මෙම ගුවන් මාර්ගය ප්‍රචලිත වී ඇති අතර සෘජු ගුවන් ගමන් දෛනිකව ක්‍රියාත්මක කිරීම දෙරටේ ආර්ථික වර්ධනයට හේතුවනු ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *