හැමෝගෙම දීමනා යන්නෙ එකම ගිණුමකට

ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා එක ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
,නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ වුණ ඒ ගමන අපි ඉස්සරහට පවත්වාගෙන යනවා, යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
බොරැල්ලේ මහජන බැංකුවේ පවතින බැංකු ගිණුමට අදාළ දීමනා බැර කරන අතර, ඉන් පසුව එම මුදල් ජනතා සේවයට යොදවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි වැඩියෙන් ජනතාවට සේවය කළ හැකි අවස්ථාවක් ඉන් උදාවෙන බවත් කියා සිටිනවා.
