හෝටලයක සිව්වන මහලේ ගින්නෙන් 10 ක් මරුට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එම වාර්තා වල සඳහන් වෙනවා.

මහල් 11 කින් සමන්විත අදාළ හෝටලයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන තිබෙන අතර, ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 30 ක් යෙදවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *