වැව් 10 යි මාළු ලක්ෂ 15 යි

මහවැලි ජනපද අඩු ආදායම්ලාභී දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය ඉහළ නැංවීම සඳහා මාළු පැටවු ලක්ෂ පහළොවක් මහවැලි සී කලාපයේ වැව් දහයක් සඳහා මුදාහැරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මෙම මාළු පැටව් මුදා හැර තිබෙන්නේ, මහවැලි සී කලාපය ආශ්‍රිත ආදී වාසී ජනයා ජීවත්වන හෙනා නිගල ප්‍රදේශයේ හෙනා නිගල වැව මෙන්ම රත්කිඳ, අළුයටවල, වැව, බෙලන්ගස් වැව, පරගස්වැව, උල්පත් වැව, වීරලන්ද වැව, මල්දෙණිය වැව සහ කාසන් වැව යන වැව්වලටයි.

මෙම මාළු පැටව් මුදා හැරීම මගින් එම වැව් ආශ්‍රිත ධීවර කටයුතු කෙරෙන ධීවර ජනතාවගේ ආර්ථිකය නංවාලීමද මෙහි එක් අරමුණක් වෙනවා.

මෙම වැව් ආශ්‍රිත ධීවර කටයුතුවල නියැලෙන පිරිස 687 ක් වන අතර ඉන් යැපෙන සංඛ්‍යාව 3500 ක් පමණ වෙනවා.

මෙම මාළු පැටව් මුදා හැරීමේ ව්‍යාපෘතිය සඳහා මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්.එම්.ආර්. හේරත් මහතා සහ මහවැලි කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු මහවැලි නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *