දවස් 21 ට පැන ගිය 1246 ක් හොයාගෙන

නීත්‍යානුකූලව ඉල්ලා අස්නොවී ත‍්‍රිවිධ හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් 1246 ක් පසුගිය දින 21 ඇතුළත ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සිදු කළ මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී, යුද හමුදා සේවයේ නිරත වී සිටි නිලධාරීන් 3 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, ත්‍රිවිධ හමුදාව සිදු කළ මෙහෙයුම් වලින් යුද හමුදාවේ 950 ක්, නාවික හමුදාවේ 45 ක් සහ ගුවන් හමුදාවේ 102 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී නිලධාරීන් තිදෙනා ඇතුළුව හමුදාවන්ට අනුයුක්තව සේවය කළ පුද්ගලයන් 1100 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා පොලීසිය කළ මෙහෙයුම් වලින් යුද හමුදාවේ 114 ක්, නාවික හමුදාවේ 19 ක් සහ ගුවන් හමුදාවේ 13 ක් ඇතුළුව 146 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.
