ට්‍රේලරයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් 13 ක් මරුට

ඉන්දියාවේ රායිපූර් හිදී සිදුවූ රිය අනතුරකින් 13 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ට්‍රේලරයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය අය අතර, ළමුන් සිව් දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙකු වන බව සඳහන් වෙන අතර, අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.