සංවිධාන 15 ක් ගැසට් එකකින්ම තහනම් කරලා

LTTE සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15 ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුවයි.
මෙලෙස තහනමට ලක් වූ සංවිධාන, ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින්වර මුදල් සැපයීම සිදු කර ඇති බව සදහන් වෙනවා.
ඒ අනුව, එම සංවිධාන වන මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් තහනමට ලක්කර තිබෙනවා. මීට අමතරව ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222 කගේ නාම ලේඛනයක් ද මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන් වෙනවා.