විශ්වවිද්‍යාල ගැටුමෙන් 150 ක් රෝහලේ

බංග්ලාදේශයේ කුල්නා ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක ඇතිවු ගැටුමකින් සිසුන් 150 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගැටුම එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර හටගෙන ඇති බව එම මාධ්‍ය වාර්තා කරන අතර, මේ වනවිට එම විශ්වවිද්‍යාලයේ තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ කැඳවා ඇති බවද සඳහන් වෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වෙනවා.
විශේෂයෙන් ම මෙම ගැටුම හටගෙන තිබෙන්නේ, හිටපු අගමැති ෂෙයික් හසීනාගේ ආණ්ඩුව පලවා හැරීමට මුල්වූ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.